3/8/14

සමන්තයා

මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම
පන්සල් පෙට්ටිකඩ පරයා පැන පිම්ම
ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම
මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම

කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල
සිල්ලර කාසියෙන් එය අවලංගු කළ
නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ
දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ

ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ
ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ
සමන්තයාණන් බුදු බව ලබපු දිනේ
චෞර රැජිනියෝ කිරිපිඬු ගෙනෙනු පෙනේ

රට ගැන හිතන විට කිසිවිට නැති යාළු
රජයේ විපස්සේ කුණු එක් කෙරුවාලු
වේලෙන්නට නියම පත්තර කඩමාළු
ඔහුගේ සුලුදියෙන් තෙත් වී පණ ඒ ලු

ආතල් එකේ කරනා මැටි වැඩ ගොන්න
ආතල් කැඩුණු විටවත් පහදා ගන්න
සමන්තය කියා කවුරුත් නැහැ ඔන්න
සමන්තගෙන් ඔබ ගැන ඔබ කියවන්න


ඇදහිලි විශ්වාස ආගම් නමින් කියා 
ධන බිලි පුදන කපුවන් හට දෙනෙත් පියා
කවුරුත් කරන ගොන් වැඩ පොඩි මෝඩ ක්‍රියා
ලොකු කර බලන කණ්නාඩිය සමන්තයා

9 comments:

  1. මට තියෙන දුක මොකවත්ම නෙමේය. ලංකාවේ බුදුදහම තමාය ඔරිජිනල් ...නියම බුදුදහම ඉගෙන ගන්නට නම් ලංකාව තමා සුදුසුම කියා විදෙස් බෞද්ධයින් කිපදෙනෙකුටම කියා ඇති මට හැංගෙන්න තැනක් නැති එක ගැනය. මේ දවස්වල පෙරදිග දර්ශන යටතේ බුදු දහම ගැනද ඉගෙන ගන්නා මගේ දියණිය වැරදිලා හෝ ලංකාවේ බුද්ධාගම ගැන සර්ච් කරයිදෝ සිතන එකය . මෙව්වාට මොකවත් නොකර මහානායක වරු නිදා සිටින එකය . සිත හදා ගන්නට හැක්කේ සියල්ල අනිත්‍ය යි කියා අපි උගත් බුදු දහමේ කියා ඇති එකය

    ReplyDelete
  2. බෞද්ධ දඑශනය අදහන බහුතරයක් ඇත්ත දැකලා සද්ද නොකර ඉඳී. ඒත් මේ කහ සාරී ඇඳ ගත්ත පිරිමි සෙට් එකේ අනාගතය ගැන නම් දුකයි ....

    ReplyDelete
  3. මෙතන තියෙන ප්‍රශ්නය අපේ ළමයින්ට.. දැන් බලන්න අර තරුණයින් හතර දෙනාව මුලා කරල තියෙන හැටි. සක්විති මොන හාල් පනුවෙක්ද මේ හොරා දිහා බැලුවම .

    ReplyDelete
    Replies
    1. හාල් පනුවො නෙවෙයි බොල..හාල් පාරුවො..හාල් පාරුවො :)

      Delete
    2. ඇයි ඔය හාල් වල ඉන්නේ චුටි පණුවෝ ජාතියක්...මන් උන් ගැන කිව්වේ.

      Delete
  4. එම්.එස්.ගෙ බයිලයක් තියනව අහල තියද?...." කලියුග කාලේ මාළු නටයි සෝඩා බෝතලේ "

    ReplyDelete
  5. හොඳ කවි ටික!

    මං මේ වගේ සෙට් එකක් ලියපු වෙලාවේ කොකාවල ඒකට වලිබර උත්තර යක් ලිව්වා.

    මේකට කිසිම කවි පිළිතුරක් ලැබිලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කෝ ඒකෙ ලින්ක් එක? කතන්දර කාරයාට ලින්ක් එක අමතක වුනේ කොහොමද?

      Delete
  6. රැස් නැති උනත් රැස් විහිදමි පිලිමෙකට
    ෆොටෝ ශූට් වල බුදුවෙමි ටොප් එකට
    ___________________________________

    දර්මය හිතෙන හැටියට කා වලඳන්න
    මදිනම් වටේ උන්ටත් පිළිගන්වන්න
    රීමික්ස් කරලා බුද්ධාගම හිට්වෙන්න
    අවසර හිමියනී දහමට කෙලවන්න

    අංගොඩ ඉඩ මදිද නැත්නම් ගන්නැතිද
    දැන් ඇති අයියෙ අපි බෙහෙතක් කරගමුද
    නැතිනම් සිවුර වෙනුවට වෙන රෙදි පැලඳ
    නටපන් නාඩගං අවුලක් නැහැ සමිද
    __________________________________
    ප:ලි- මේක කාලයක් හෙවුවා

    ReplyDelete