4/2/12

තවත් එක ජෝඩුවක්‌


සිප ගන්න නැවෙන විට
තව ටිකක් ඈත් වෙන
ආයිමත් උනුහුමට
තුරුල්ලට වක ගැහෙන

කිසිදාක එක් නොවුණු
තවත් එක ජෝඩුවක්‌

මුහුදු හුළඟට තැවෙන

උන්ගෙ මග අවුරාන
රතු ලයිට් ඔරවගෙන

[කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට]

3 comments:

  1. එක මගක යන රියට
    අන් මගට හැරෙන්නට
    එකතු වී වෙන්ව යන
    දෙදෙනෙක්ය මේ දේපල

    ReplyDelete