5/14/11

ආර්ථිකේ ["අපි" කියන්නෙ]

නිදහස් යයි කියා ගත්ත
ආර්ථිකේ ගිනි එන්ජිම
තවම අඳුරු කාමරයේ

කවුළුව විතරයි විවෘත

එතනින් නිතරම හමන්නෙ
වටේ පිටේ කාණු දුගඳ
[හුළං හමන මග කියන්නෙ
හුළං මිසක් අපි නොවෙයිනෙ]

කාලයාගෙ දූෂණයට‍
දුම් කවුළුව වැහිල ගිහින්

කිරිං කිරිං ගගා දුවන
ගිනි එන්ජිම නගන දුමින්
කහින ගමන් "අපි" කියන්නෙ
වහමු කියල ජනේලයත්

1 comment:

  1. නිදහස් යයි කියාගත්ත
    සුදු හුණු ගා සොහොන් කොතකි
    නිදහස වළලලා දාපු
    පස් ගොඩැල්ල මත ඉදිඋනු

    ReplyDelete