12/23/10

සළු පාළිය

අතුරු මිතුරු
දඹදිවතුරු
රෙදි විකුණන  හෙට්ටියෝ

අළුත ගෙනා
මෝස්තරෙන්
රෙදි මිට මිට කපාලා
ගල් මිටියක් ඔතාලා
ලණු පැදුරක් වියාලා

ඉහළ ගෙටයි
පහළ ගෙටයි
මුළු ගමටයි කියාලා
මග දිගටම පිරීලා
මිනිස් ගඟක් ගලා ලා
ජරමරයක් හැදීලා

නෝනගෙ හැඩටම අන්දන

වෙළඳ කෙල්ලො නැළවිල්ලේ
හොර කෙල්ලන් ද
ගස්සන
කංකාණිය දොර මුල්ලේ
සල්ලි ගෙවන කූඩුව ළඟ
මහ පෝළිම එක එල්ලේ

හරි ම ස්වීට්

ෆිට්ස් ෆො යූ
මේක ගෝඩි
මෙන්න ෆැෂන්
වට්ට ක්‍රව්ඩ්
ඕ මයි ගෝඩ්
මෙන්න මේක
ගන්න ගන්න
එහෙන් ගිහින්
මෙහෙන් ගිහින්
වට්ට ක්‍රේසි
කන්ට්‍රි මේක
ඔක්කොමලා
එන්නෙ ඉතින්
අපි ආවොත්
මෑඩ් මෙයා

අවුරුද්දක් කන්න ගිහින්

අවුරුද්ද ම ඉවර කරන්
ගෙදර යමන් සෙට්ටියෝ

6 comments:

  1. එහෙන් ගිහින්
    මෙහෙන් ගිහින්
    වට්ට ක්‍රේසි
    කන්ට්‍රි මේක!
    apuuruyi!

    ReplyDelete
  2. quite interesting.
    H

    ReplyDelete
  3. What a crazy country ...........Maru

    ReplyDelete
  4. ස්තුතියි කාටත්.

    @TG;

    මිනිස් ස්වභාවයට පිස්සු කියා කියන්න බෑ. හැබැයි හැම තැනම ඔය වගේ ලාබ කඩ තිබ්බ නම් මෙච්චර ජන ගංගාවක් එන්නෙ නෑ. හුඟක් කඩ එක තැන පල් වෙනවා මිස කිසි entrepreneurship එකක් නෑ.

    ReplyDelete