11/7/10

සොරෙකු මෙන්

සීරුවෙන් මහ දොර විවර කර
සීරුවෙන් යළි වසා තද කර
සොරෙකු මෙන් හෝදිසි ඇහින්
හෙමි හෙමින් බිමටත් හොරෙන්
පිටව යමි මම නිවහනින්

මගේ තුරුළේ ගැලී ඉන්නට

සිනහසෙන්නට නළවගන්නට
මගේ දිවි සටහනේ කොටු කළ
ඇගේ පංගුව බේර ගන්නට
පොඩිත්තිය හරි සෙවිල්ලෙන්


4 comments:

  1. පොඩි දුව දිනුම් තාත්තා පරාදයි හූ හූ

    ReplyDelete
  2. ඒ පරාජය ජයග්‍රහණයකට වඩා වින්දනීයයි. කමෝන් පොඩි එකී.

    ReplyDelete
  3. උදේම ගෙයින් පිටවෙලා ගිහින්, මහ රාත්‍රියේ ගෙදර එන තාත්ත කෙනෙක් හිටිය දුවෙක් තමයි මමත්..

    ඉතින් නිදිබර දෑස සෙවිල්ලෙන් ඉදල පුටුවෙම දොයි....

    මගේ තාත්තටත් ඉස්සර මෙහෙම හිතෙන්න ඇති...

    තාත්තලාගේ දුලගෙ සටනෙදි හැමදාම දිනන්නේ දුලා තමයි..

    අගෙයි ...කවි පද..

    ReplyDelete
  4. එයාගෙ තනි අයිතියට තිබ්බ සති අන්තෙත් නැති වුණා නෙ මට ලෙක්චර්ස් හින්දා. කෙල්ල හොඳටම අවුල්. අදත් මං එද්දි කෑ ගහ ගහ ඇඬුවා.

    ස්තූතියි වත්. එයා දිනනවා නම් මං වැඩිපුර සතුටුයි.

    ReplyDelete