6/25/09

ඔබ [අමතක නො වන දවසක]

සඳවතේ කාන්තිය
ඔබ ගතේ දැවටිලා
නිසළ රෑ සසල වී
ගිගුම් දේ හද ගැස්ම

නිසොල්මන් වී තිබූ
කේඬෑරි ජීවිතේ
පණ ගසා අවදි වී
ඔබේ සෙනෙහස් දියෙන්

ආත්මය නිවාලන
නිරාමිස හසරැල්ල
නෙතු කොණේ දඟ කරන
අනුරාගි ගිනි දැල්ල
එකට කැළතී මැවුණු
සිත්තමක් දෝ ඔයා

ජීවිතෙන් ජීවිතය සොයා දුන්
උණුහුමට
සෙනෙහසට
සදා ණයගැතියි මා
ඔබෙ නමට

දයාබර සෙනෙහසින්
රසාළිත හාදුවෙන්
සරාගී සිහිනයෙන්
මා වෙළන
ඔබ මගේ ආදරය
ඔබ මගේ ජීවිතය
ඔබ මගේ ආත්මය

No comments:

Post a Comment