6/25/09

මාලතී

සුපිපී වැරදි තැන
ඉහළ මල් තුරු වියනක
නො බලන් පහළ දෙස
පුංචි මල් මාලතී

අතු නටු කටු ඇතත්
චණ්ඩ සුළඟින් සැළෙතත්
නො හැරෙන් මාලතී
දිවා ගින්නෙන්
දැවෙන පොළොවට

තුරු වියන නුඹ ගෙන
නැඟී යයි නිල් අහසට
නො හැරෙන් මාලතී
ඉහළ මිස
නැත නුඹට පහළක්

No comments:

Post a Comment