6/30/09

වැදගත්කම යනු

පාණාතිපාතාවකින් අරඹා
අදින්නාදානාවෙන් උපයා බඩ වියත
කාමේසුමිච්චාචාරාව ද හමු වී
සුරාමේරයෙන් නිවසට වැඩම කළ
කැත කුණු ඊයේ දිනය

විසූක දස්සන මාලාවෙන් වසා ‍
ගන්ධ විලේපනයකින් සුවඳ කර
මුවා වී මුසාවාදයකට
උස් අසුනෙක හිඳින
ගාම්බීර වූ මිනිසෙකි

3 comments:

  1. This is the naked truth of most of our politicians, businessmen etc..
    ~pramod

    ReplyDelete
  2. ඔන්න ඔහොමයි බොහොමයක් "වැදගත් ජීවිත". :D

    ReplyDelete